ආසියානු නෙට්බෝල් සූරියට උපහාර

ආසියානු නෙට්බෝල් සූරියට උපහාර

7 වෙනි ආසියානු දැල් පන්දු තරගාවලියේදී සූරතාව හිමි කරගනිමින් ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබාදුන් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ලාබාල ක්‍රීඩිකාව වෙන්නප්පුව ශුධවූ පවුලේ බාලිකා මහ විදුහලේ උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරණ මරීෂා ටාරිනි ශිෂ්‍යාවයි.

විදුහලට පමණක් නොව මුළු වයඹ පළාතට ක්‍රීඩාවේ උදාරත්වය හිමි කර දුන් ඇයට වෙන්නප්පුව ශුධවූ පවුලේ බාලිකා විදුහලේදී මහත් හරසරින් යුතු උපහාර උළෙලක් පවත්වන ලදී.

මේ අවස්ථාවට වෙන්නප්පුව මීසම පාලනාධිපති ප්‍රෑන්ක් තිසේරා පියතුමා, ජනතා වතු කළමනාකරණ හා සංවර්ධන අමාත්‍ය මිල්රෝයි එස්. ප්‍රනාන්දු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ වයඹ පළාත් ක්‍රීඩා දේශීය වෛද්‍ය හා යෞවන කටයුතු අමාත්‍ය අශෝක වඩිගමංගාව වයඹ පළාත් විදුලිබල මාර්ග සංවර්ධන නිවාස ඉදිකිරීම් හා ධීවර කටයුතු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ.

මේ අවස්ථාවේදී මරීෂා ටාරිනි ශිෂ්‍යාවට දිරිදීමක් ලෙස මුදල් පරිත්‍යාග කිරීමක්ද සිදු විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා