අන්තර් සමාගම් නෙට්බෝල් තරගාවලිය මෙවරත්

අන්තර් සමාගම් නෙට්බෝල් තරගාවලිය මෙවරත්

ශ්‍රී ලංකා ‘ස්පෝර්ට්ස් ඩොට් කොම්’ වෙබ් අඩවිය සංවිධානය කරන අන්තර් සමාගම් නෙට්බෝල් සූරතා තරගාවලිය දෙසැම්බර් මස 19දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ තරගාවලියට නෙට්බෝල් කණ්ඩායම් 12ක් සහභාගි කරවන අතර මෙවර මිශ්‍ර අංශයෙන් ද තරග පැවැත්වේ.

පසුගිය වසරේ මේ තරගාවලියේ සූරතාව සෙලාන් බැංකු පිල සතු විය. කොමර්ෂල් බැංකුව අනු සූරතාව දිනා ගත්තේය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 07772260834 දුරකථනයට ඇමැතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා