මෙලනි-කැරොලින් ජය ලබති

මෙලනි-කැරොලින් ජය ලබති

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් රුසියානු ක්‍රීඩිකාවන් ඉවතට හලමින් මෙලනි ඕඩින් සහ කැරොලින් වොස්නියැකි ජයග්‍රහණ අත්පත් කර ගැනීමට සමත්වූහ.

ජගත් ටෙනිස් පිටියේ ශ්‍රේණිගත තත්ත්වයට පවා නොපැමිණි ඕඩින් මෙවර තරගාවලියේ නොකඩවා ලැබූ තෙවැනි ජයග්‍රහණය සටහන් කරමින් ශ්‍රේණිගත කිරීම්වල 13 ස්ථානයේ පසුවන නාදියා පෙට්රෝවා පරාජය කිරීමට සමත්වූවාය.

මේ අතර 9 වන ස්ථානයේ පසුවන වොස්නියැකි අතින් පරාජයට පත්වූයේ ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ සිටින ස්වෙට්ලානා කුස්නෙට්සෝවාය.

“කුසනෙට්සෝවා ඇදහිය නොහැකි තරම් හොඳින් ක්‍රීඩා කළා. මොනව කරන්නද කියලා මට හිතා ගන්නවත් අපහසු වුණා” ජයග්‍රහණයෙන් අනතුරුව උදම් අනමින් වොස්නියැකි පැවසුවාය.

සිය පෙම්වතාගේ යෝජනාව අනුව කහ සහ රෝස පැහැති තම පාවහන් යුගලේ විශ්වාසය යන වදන සටහන් කරමින් තරගාවලියට පිවිසි ඕඩින් සිය ජයග්‍රහණය පිළිබඳව වොස්නියැකි තරමටම උදම් අනමින් සිටින්නීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා