කළුතරින් පෙ.ව. 7.20ට මරදාන දක්වා යන දුම්රියේ මඟී තදබදය අධිකයි

කළුතරින් පෙ.ව. 7.20ට මරදාන දක්වා යන දුම්රියේ මඟී තදබදය අධිකයි

මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 7.20 පිටත්ව මරදාන දක්වා ධාවනය කරන දුම්රියේ සතියේ කාර්යාල දිනවලදී අධික මගී තදබදයක් පවතින බැවින් දුම්රිය මඟීහු දැඩි අපහසුතාවකට පත්වී සිටිති.

මේ දුම්රිය සමන්විතවී ඇත්තේ මැදිරි හයකින්ය.

සතියේ දිනවලදී පිංවත්ත දුම්රිය ස්ථානයට පැමිණෙන විට මඟීන්ගේ දැඩි තදබඳයක් පවතී. පාණදුරෙත් එහා දුම්රිය ස්ථානවලින්ද සිය ගමන් පහසුව සලසා ගැනීමේ බලාපොරොත්තුවෙන් විශාල මගින් පිරිසක් රැඳී සිටියද, මගී අවශ්‍යතාවට සරිලන අන්දමේ ප්‍රමාණවත් මැදිරි සංඛ්‍යාවක් මේ දුම්රියේ නොමැතිකමින් අපහසුතාවට ලක්වී තිබේ. මගී අවශ්‍යතාවට සරිලන අන්දමේ ප්‍රමාණවත් මැදිරි සංඛ්‍යාවක් සවිකරන ලෙස දුම්රිය මඟීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා