බලවත් රටවල් පැරැදවීමට බැහැයි කී ත්‍රස්තවාදය අපේ ජනපති පරාජය කළා

බලවත් රටවල් පැරැදවීමට බැහැයි කී ත්‍රස්තවාදය අපේ ජනපති පරාජය කළා

- ජානිපෙ මන්ත්‍රී ජයන්ත සමරවීර

අවුරුදු තිහක් පුරා පැවති යුද්ධයෙන් රණවිරුවන් 23390 ක් මිය ගිය බවත් දහසය දහසක් පමණ දෙනා ආබාධිත තත්ත්වයට පත්වූ බවත් ලෝකයේ බලවත් රටවල් පරාජය කිරීමට නොහැකි බව කියූ ත්‍රස්තවාදය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු දෙකකුත් මාස කිහිපයකදී පරාජය කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කීවේය.

ඒ මහතා එසේ පැවැසුවේ වාද්දුව මැලෑගම කන්දඋඩවත්ත ග්‍රාමයේ නව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් පසුව පැවැති ජන හමුවේ දීය. විමධ්‍යගත අය වැයෙන් ජයන්ත සමරවීර මහතා විසින් එම ජල යෝජනා ක්‍රමය සඳහා රුපියල් ලක්ෂ 38 ක ප්‍රතිපාදන ලබා දී තිබිණි. ඒ මගින් පවුල් 160 කට ජල පහසුකම් සැපැයේ.

මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් මෙසේද කීවේය.කළු ගඟ ජල යෝජනා ක්‍රම මගින් කොළඹ නගරයට ජල ලීටර් 1200000 දිනපතා සැපයෙනවා. එහෙත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට එම පහසුකම ලැබී නෑ. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කර සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරමින් පානීය ජලය ලබාදීමේ සංවර්ධන වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා.

කඳුකර ප්‍රදේශ වන මැලෑගම , මාවල, හබරල ගහලන්ද , මැස්ටිය, මාවල, චම්ලිපුරය, අරියගම යන ප්‍රදේශවල ජලය සැපැයීම නතර කර තිබුණත් එම ප්‍රදේශවලටත් ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යයිද ඒ මහතා පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා