ගහ කොළ රැකගෙන අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලු දෙනා එක් වෙමු

ගහ කොළ රැකගෙන අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලු දෙනා එක් වෙමු

- පරිසර ඇමැති පාඨලී චම්පික රණවක

බෝධි පූජා පැවැත්වීම මෝඩ කමක් යැයි ඇතැම් විද්‍යා උගතුන් කියන්නේ යයිද ගසකින් මිනිසාට ලැබෙන ප්‍රයෝජන දන්නේ නම් පූජා පවත්වනවා පමණක් නොව බෝගස් හිස මත තබා ගෙනත් සිටීවි යැයිද ඔක්සිජන්, ආහාර, පානීය ජලය, වැස්ස, එළවුළු, පලතුරු, ඖෂධ, සියල්ලම ලැබෙන්නේ වෘක්ලතා වලින් බැවින් ගස් වැල් දිවි හිමියෙන් රැක ගැනීමට උනන්දු විය යුතු යැයිද පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා සපුගස්කන්දේ දී පැවැසීය.

අටවිසි බෝධි අංකුරයක් පරිසර ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් සපුගස්කන්ද පුරාණ ශ්‍රී මහා විහාරස්ථ හරිත උයනේ සිටුවනු ලැබූ ආකාරයයි මේ. විහාරාධිපති දරණාගම ඤාාණසිරි නාහිමියෝද මෙහි වෙති. ඡායාරූපයස බියගම විශේෂ
රංජිත් අම්පිටියාවත්ත

සපුගස්කන්ද පුරාණ ශ්‍රී මහා විහාරස්ථ හරිත උයනේ ඉදි කර ඇති අවුකන බුදුපිළිම වහන්සේ අභියස සැලැසුම් කර තිබූ ස්ථාන වල අට විසි බොි්ධි අංකුර සිටුවීමේ උත්සවයේදී ඇමැතිවරයා මෙසේ කීවේය.

සියලු බුද්ධ චරිත පරිසරය හා මනාව සම්බන්ධකම් පවත්වා තිබෙනවා. හැම බුදුවරයන් වහන්සේ නමක්ම ගසක් මුලදී බුදු බවට පත්වී තිබෙනවා. බුදුවරයන් වහන්සේ පරිහරණය කළ ගස් වලට සැදැහැති බෞද්ධයන් වැඳුම් පිදුම් කරනවා.

ශ්‍රී මහා බෝධිය ඇතුළු ඇසතු ගස් වලට ඇසතු කියා කියන්නේ ඒ ගස් වල කොළ ඇත් හිසක් වගේ පිහිටා තිබෙන නිසා යැයි මතයක් තිබෙනවා.

ගස් යට සිසිලස තිබෙනවා. ඔක්සිජන් නිපදවනවා. අපට හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් නිදපවන්නේ ගස් වලින් අපි පිට කරන කාබන් වායුව උරා ගන්නේත් ගස් වලින් මේ ඔක්සිජන් නිපදවීමේ ක්‍රියාවලිය කාටවත් නවත්වන්න බැහැ. කිසිම ජගතෙකුට කරන්නත් බැහැ.

එහෙම නම් බුදුන්ට අම්මට තාත්තට වගේම ගස් වලට වැඳුම් පිදුම් සැලකිලි දැක්වීම කොපමණ වටිනා පිනක්ද යුතුකමක්ද බෝධි පූජා පවත්වන පින්වතුන් බුද්ධිමතුන් ගුණවතුන් උගතුන් හැටියටයි මම සලකන්නේ.

අපේ රටේ ගංගාවල් 103 ක් තිබෙනවා. ඒවාට අවශ්‍ය ජල පද්ධතිය රකින්නේ ගස් වැල් වලින්. අපට ආහාරයට ගන්නට හැකි ශාක වර්ග 2600 ක් මේ රටේ තිබෙනවා.

ලෝකයේ මොන රටකවත් මෙහෙම විවිධ ශාක විශාල ප්‍රමාණයක් නැහැ. ඖෂධ පැළ වර්ග 1600 ක් තිබෙනවා. මල් පිපෙන ශාඛ 4200 ක් හඳුනාගෙන තිබෙනවා.

දඹරන් වලින් පටන් ගත්තාම ඕනෑම වටිනා වස්තුවක් මේ රටේ තිබෙනවා. ඒ නිසා වෘක්ෂලතා රැක ගනිමින් අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට සියලු දෙනාම එක් වෙමු යයිද ඇමැතිවරයා පැවසීය.

විහාරාධිපති දරණාගම ඤාණසිරි නාහිමිද පරිසර අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රාරණවීර හෙට්ටිආරච්චි මහතා ඇතුළු කිහිප දෙනෙක්ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා