මහරගම නගරයට මගී ආවරණයක් සහිත බස් නැවතුම්පොළක් අවශ්‍යයි

මහරගම නගරයට මගී ආවරණයක් සහිත බස් නැවතුම්පොළක් අවශ්‍යයි

මහරගම නගරය ආශ්‍රිතව රජයේ ප්‍රධාන ආයතන කීපයක්ම පිහිටා ඇතත් එසේ පැමිණෙන මහජනතාවට මගී ආවරණ සහිත බස් නැවතුම්පොළක් නොතිබීම විශාල අඩුපාඩුවකි.

පසුගිය මැතිවරණ කාලසීමාවලදී බස් නැවතුම්පොළ නමින් ඉදිකැර තිබූ ගොඩනැගිල්ල අද ව්‍යාපාරික ස්ථානයක් බවට පත්වී ඇත.

මහරගම පරණ පාරේ පිහිටා ඇති මේ ගොඩනැගිල්ලේ ව්‍යාපාර කීපයක්ම අද ස්ථානගත වී ඇත.

නගරයේ ප්‍රධාන පාසල් කීපයක්ම පිහිටා ඇත. මේවාට පැමිණෙන ගුරුවරුන්ට සහ සිසු දරුවන්ටද ස්ථිර බස් නැවතුම්පොළක් නොතිබීම විශාල ගැටලුවක් වී ඇත.

මගී ආවරණයක් සහිත බස් නැවතුම්පොළක් නොතිබීම නිසා මගී ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වේ.

මාර්ග අංක 138, 122, 125 හා 99 යන බස් රථ මහරගම පරණ පාරෙන් කොළඹ සිට නැවත යෑමේදී කිසිම මගී ආවරණයක් සහිත බස් නැවතුම්පොළක් ඉදිකර නැත.

මේ නිසා රටේ විවිධ ප්‍රදේශවලින් තම දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට නගරයට පැමිණෙන මගී ජනතාවගේ පහසුව පිණිස බස් නැවතුම්පොළවල තාවකාලික මගී ආවරණ හෝ ඉදිකර දෙන ලෙස මහරගම නගර සභාවෙන් මගී ජනතාව ඉල්ලා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා