රජයේ සේවක දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් ලබාගත් උප පොලිස් පරීක්ෂකට දඩ ගෙවන්නැයි අරුම පුදුම ලිපියක්

රජයේ සේවක දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් ලබාගත්
උප පොලිස් පරීක්ෂකට දඩ ගෙවන්නැයි අරුම පුදුම ලිපියක්

ඉකුත් ජූලි මාසයේ සිට ඉදිරි තෙමසක කාල සීමාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රජයේ සේවා අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍රයක් ඉල්ලුම් කළ ගම්පහ මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු තමා ඉල්ලූ එම ප්‍රවේශ පත්‍රය නියමිත මුදල ගෙවා ලබාගෙන මාස 01 දින 20 කට පසුව, රජයේ සේවක ප්‍රවේශ පත්‍ර හිමිකම් නොපෑමේ චෝදනාව මත රුපියල් 50/= ක දඩ මුදලක් ගෙවන ලෙසට දන්වා කොළඹ ප්‍රධාන දුම්රිය ගණකාධිකාරිවරයා ගේ අස්සන් සහ 2009-08-24 දාතමින් යුතුව ඔහුගේ සේවා ස්ථානයට ලිපියක් යොමුකර තිබීම පිළිබඳව එම උප පොලිස් පරීක්‍ෂකවරයා මවිතයට පත්වී තිබේ.

ගම්පහ මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. ඒ. චන්ද්‍රදාස මහතා වෙත කොළඹ ප්‍රධාන දුම්රිය ගණකාධිකාරිවරයා මේ රුපියල් 50 දඩ මුදල මාස 3 ක් ඇතුළතදී වැටුපෙන් අඩුකර චෙක් පතකින් හෝ මුදල් ඇණවුමකින් ලැබීමට නොසැලස්වුවහොත් මින්පසු ඔහුට අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නතර කරන බවටද මෙම ලිපියෙන් අනතුරු අඟවා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා