අඩු ආදායම් සමෘද්ධි පවුල් සවි බල ගැන්වීමට මුදල්

අඩු ආදායම් සමෘද්ධි පවුල් සවි බල ගැන්වීමට මුදල්

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මහ බැංකු සංගමය අදාල බල ප්‍රදේශයේ අඩු ආදායම් ලබන සමෘද්ධි ප්‍රතිලාභීන් සවි බල ගැන්වීම සඳහා මේ වසර තුළ ප්‍රතිපාදන මුදල් රුපියල් අසූ අට ලක්ෂ තිස් නමදහස් හාරසිය පහක් (රුපියල් 8839405) වැය කර ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 815 ක් සක්‍රීය කිරීම සඳහා අනුමත කර තිබුණි.

මෙම සංඛ්‍යාව අතුරින් මේ වන විට රුපියල් පන් ලක්ෂ විසි අට දහස් දෙසිය පනහක් වැය කර ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මක කර ඇති අතර ඉතිරි ව්‍යාපෘති සඳහා මිල ගණන් කැඳවා ඇති බව ගම්පහ සමෘද්ධි බැංකු මූලස්ථාන කළමනාකාරිණී කේ. සුජාතා මහත්මිය පැවසුවාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා