දුම්මල මෝදර ඇළ පිළිසකර කැරේ

දුම්මල මෝදර ඇළ පිළිසකර කැරේ

නාගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් දුම්මල මෝදර ඇළ මාර්ගය රුපියල් ලක්‍ෂ 15 ක වියදමින් ප්‍රතිසංස්කරණය කැරේ.

මේ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ පලාතොට, විලේගොඩ දකුණ යන කොට්ඨාසවල පුරා වසර 40 ක් තිස්සේ පුරන්ව තිබූ අක්කර 54 අස්වැද්දීමට හැකි වේ.

ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් පිළිබඳ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

පලාතොට ගොවි සංවිධානය සහ කොට්ඨාසයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිනිය දුම්මල මෝදර ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළේ දී මූලිකත්වය ගෙන කටයුතු කළ අතර විශේෂයෙන්ම ඇළ මාර්ගය හා සම්බන්ධ අමුණු පහම ප්‍රතිසංස්කරණය ද සිදු කැරේ.

මේ නිසා ගොවි පවුල් 60 කට පමණ දෙකන්නයේ කුඹුරු අස්වැද්දීමට හැකිවීමෙන් ඉමහත් සෙතක් සැලැසේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා