පදවි ප්‍රාප්තියේ සිවුවැනි වර්ෂ පූර්ණය
කුඩා දරුවන් සමඟ


 

කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමෙන් අනතුරුව එළැඹි පළමු උපන් දිනය මෙන්ම පදවි ප්‍රාප්තියේ සිවුවැනි වර්ෂ පූර්ණය කුඩා දරුවන් සමඟ සමරන්නට තීරණය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවුන් දරුවන් 64 දෙනකුට තෑගි බෝගත් රැගෙන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ඊයේ (18) ගියේය. සාමයෙන් පිරි රටක් අනාගත පරපුරට උරුමකර දුන් දැයේ සාඩම්බර පියා කුඩා දරුවන්ට උපන් දින කේක් කවා තිළිණ ප්‍රදානය කළ අවස්ථාව මෙසේ සුදත් සිල්වාගේ කැමරා කාචයේ සටහන් විය.





උතුරේ ජනතාවට
නිදහසේ දකුණට පැමිණීමට අවසර

මෙතෙක් ක්‍රියාත්මක වූ බලපත්‍ර ක්‍රමය ජනපති නියමයෙන් අවලංගු කෙරේ

යාපනයේ ජනතාවට දකුණට පැමිණීමට තිබූ සියලු බාධක ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.

විස්තර »

උතුරේ සංවර්ධන කටයුතුවලට
නෝර්වේ රජයෙන් වාහන 14ක්


විස්තර »

 

නිවුන් දරුවන් පිරිවරා
ජනපති ජන්ම දිනය සමරයි

තුන් නිවුන්, සිවු නිවුන්, පස් නිවුන් දරුවන් 64 දෙනකු සමඟ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) සිය 64 වැනි ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තියේ සිවුවැනි වසර සැමරුවේ ය.

විස්තර »

පේරාදෙණියේ නාය තර්ජන පිටුදකින තෙවසරක ව්‍යාපෘතියට මිලියන 120 ක්

පේරාදෙණිය නගරයේ නාය යෑමේ අවදානමට ලක්ව ඇති කඳු කොටස ස්ථායි කිරීම සඳහා රුපියල් මිලියන 120 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරයි.වසර තුනක ව්‍යාපෘතියක් ලෙස මේ කඳු වැටිය ස්ථායි කිරීමේ වැඩකටයුතු ......

විස්තර »

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්
මහින්ද සමරසිංහ මහතා හමුවී


 

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අශෝක් කේ. කාන්තා මහත (Asok k. Kantha)  පසුගියදා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යාංශයේදී හමුවී
සාකච්ඡා කළ අයුරු.



වෙළඳ දැන්වීම් . . . .

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

 
ඔත්තු සේවෙ ආරක්ෂක අඩ පණ වුණෙ කාගෙ අතෙන්
ගත්තු නිසයි කෙටි විරාම කොටිත් එක්ක ප්‍රේම සිතෙන්
පත්තු කරපු එවුන් ගින්න අන්ධයො වගෙ වැහුණු නෙතෙන්
කොත්තු ගහන්නට එනවෝ මේ පිං බර මගේ රටෙන්