පේරාදෙණියේ නාය තර්ජන පිටුදකින තෙවසරක ව්‍යාපෘතියට මිලියන 120 ක්

පේරාදෙණියේ නාය තර්ජන පිටුදකින
තෙවසරක ව්‍යාපෘතියට මිලියන 120 ක්

පේරාදෙණිය නගරයේ නාය යෑමේ අවදානමට ලක්ව ඇති කඳු කොටස ස්ථායි කිරීම සඳහා රුපියල් මිලියන 120 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරයි.

වසර තුනක ව්‍යාපෘතියක් ලෙස මේ කඳු වැටිය ස්ථායි කිරීමේ වැඩකටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් සිදුකරනු ලබයි.

ව්‍යාපෘතිය සඳහා මේ වසරේ රුපියල් මිලියන 31 ක් වැයකර ඇති බවත්, එළැඹෙන වසරේ වැඩකටයුතු සඳහා රුපියල් මිලියන 40ක ඇස්තමේන්තු සකස්කර ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත යවා ඇති බවත් නාය යෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ එම්. අයි. ඩී. එච්. විජේවික්‍රම මහතා පැවැසීය.

මේ ව්‍යාපෘතියේ මූලික අදියරේ වැඩකටයුතු නිමාවන තුරු කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය නගර මධ්‍යයේ මාර්ග කොටස වසා තැබීමට සිදුවන බවද හෙතෙම කීය.

දාළ ස්ථානයේ කොන්ක්‍රීට් බහුලව භාවිත කිරීමෙන් නගර සුන්දරත්වයට හානි වන බැවින් හැකිතරම් ස්වභාව සෞන්දර්යය ආරක්ෂා වන ලෙස මේ ව්‍යාපෘතිය දියත් කරන බවද විජේවික්‍රම මහතා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා