සුනාමිට ලෝක බොක්සිං කිරුළක්

සුනාමිට ලෝක බොක්සිං කිරුළක්

තයෝකෝ එබාටා පරාජය පත්කළ ජපානයේ සුනාමි තෙන්කායි ලෝක බොක්සිං සම්මේලන සුපර් ෆ්ලයිබිටි කාන්තා කිරුළ රැක ගැනීමට සමත් වූවාය. තෝකියෝ නුවර සයිටාමා ශාලාවේ පැවැති මේ තරගයේ 10 වැනි වටයේදී විනිසුරුවන්ගේ ඒකමතික තීරණය අනුව තෙන්කායිට ජය හිමි විය. තරග විනිසුරුවන් තිදෙනා ලකුණු 96 - 93ක්, 97 - 92 ක් සහ 98 - 92 ක් වශයෙන් තෙන්කායිට පක්ෂව ලකුණු ලබා දී තිබිණි.25 හැවිරිදි තෙන්කායි, බ්‍රිතාන්‍යයේ ෂානී මාර්ටින්ට එරෙහිව ජයග්‍රහණය වාර්තා කරමින් සුපර් ෆ්ලයිබිටි කාන්තා බොක්සිං කිරුළ දිනාගනු ලැබුවේ පසුය පෙබරවාරි මාසයේදී ය. සුනාමි තෙන්කායි (වමේ ) සහ තයෝකෝ එබාටා අතර තරගයේ අවස්ථාවක්

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා