ජර්මානු පාපන්දු නායකයා ලෝක තරගාවලියෙන් ඉවතට

ජර්මානු පාපන්දු නායකයා ලෝක තරගාවලියෙන් ඉවතට

ජර්මානු පාපන්දු නායක මයිකල් බැලැක් ගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත බැව් ජර්මානු පාපන්දු සම්මේලනය ප්‍රකාශ කළේය.

පසුගියදා නිමාවට පත්වූ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය අතරතුරදී බැලැක් මේ ආබාධයට ගොදුරු වූයේ චෙල්සියා පිලට ක්‍රීඩා කරමින් සිටියදීය.

පසුව කරනු ලැබූ ස්කෑන් වෛද්‍ය පරීක්ෂණයක් මගින් හෙලිදරව් වූයේ දෙමසක පමණ කාලයක් ඔහුට විවේකයෙන් සිටීමට සිදුවනු ඇති බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා