සූරියවැව ජාත්‍යන්තර පිටියේ ඉදිකිරීම් අවසන් අදියරේ

 සූරියවැව ජාත්‍යන්තර පිටියේ ඉදිකිරීම් අවසන් අදියරේ

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගයට සැරසෙන හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී. සූරියවැව මීගහපඳුර මාර්ගයේ, මීගහපඳුර ප්‍රදේශයේ අක්කර 47ක භූ®මි ප්‍රමාණයක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉඳි කැරේ.

ක්‍රීඩාංගණයට පිවිසීම සඳහා මං තීරු හයකින් සමන්විත කාපට් යෙදූ මාර්ගයද මේ වන විට ඉඳිකර අවසන් වේ. හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දෙකටම අයත්වන සේ ආයෝජන මණ්ඩලය යටතට ගෙන තිබෙන හෙක්ටයාර් 200ක භූ®මි ප්‍රදේශයේ විවිධ ආයෝජන අවස්ථා සඳහා ද ඉඩ පහසුකම් සැපයේ.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ගමට ක්‍රිකට් ගෙන ඒමේ වැඩසටහන යටතේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉඳිකෙරිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩා පිටියේ තණ තිල්ල හා සෙසු ඉඳිකිරීම් පසුගිය වසරේ නිරීක්ෂණය කළ අතර එහි ඉඳිකිරීම් සම්බන්ධයෙන් උසස් ප්‍රතිචාර ලැබී තිබේ.


සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනුරුවක්

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා