ලෝක පාපන්දු තරගවලට 450,000ක් !

 ලෝක පාපන්දු තරගවලට 450,000ක් !

ලබන මස පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරැඹීම සඳහා 450,000ක පිරිසක් පැමිණෙතැයි බලාපොරොත්තු වුවද සංචාරකයන් 300,000 ක් පැමිණෙන බව දකුණු අප්‍රිකානු සංචාරක ඇමැති මාටිනස් වැන් සැල්වික් පවසයි.

වසර 4කට පෙර වැඩි පේ‍්‍රක්ෂකයන් පිරිසක් බලාපොරොත්තු වුවත් ගෝලීය ආර්ථික අවපාතය හේතුවෙන් මෙලෙස සංචාරකයන් පැමිණීම අඩු වී ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි. නමුත් අපගේ ක්‍රීඩාංගණ පේ‍්‍රක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යන බවක් දැනටමත් පෙන්නුම් කරන අතර එය වඩාත් හොඳ තරගාවලියක් වීමේ සුබ ලකුණු බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි. 230,000ක් පමණ සංචාරකයන් ප්‍රවේශපත් මිලදී ගෙන තිබේ. අප්‍රිකානුවන් 11.300ක් පමණ ප්‍රවේශපත් මිලදී ගෙන ඇත.

අප්‍රිකානුවන් ප්‍රවේශපත් මිලදී ගැනීම අඩු වී ඇත්තේ ප්‍රවේශපත් මිල අධික වීම හා අන්තර් ජාලය මගින් ප්‍රවේශපත් මිලදී ගැනීමට ඔවුන් පෙළඹී නැති වීමයි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා