ෆෝක්ලන්ත දූපතේ අයිතිය ගැන යළි සාකච්ඡා ඇරැඹිය යුතුයි

ෆෝක්ලන්ත දූපතේ අයිතිය ගැන යළි සාකච්ඡා ඇරැඹිය යුතුයි

ආජන්ටිනා ජනපතිනිය කියයි

ෆොක්ලන්ත දූපතේ ස්වාධිපත්‍යය පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කළ යුතු බව ආජන්ටිනා ජනාධිපතිවරිය පෙරේදා පවසා තිබේ. බ්‍රිතාන්‍ය විසින් මෙම දූපත් පෙළේ අයිතිය වෙනුවෙන් 1982 දී යුද්ධයකට අවතීර්ණ විය. මෙම යෝජනාව බ්‍රිතාන්‍ය විසින් අවඥාාවෙන් බැහැරකර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ යුරෝපා හවුල හා ලතින් ඇමෙරිකන් රටවල සමු ළුවකදීයි.

මෙම දූපත් පෙළ ආජන්ටිනාවට සැතපුම් 280 ක් පමණ ඔබ්බෙන් පිහිටා තිබේ.

සාකච්ඡා මේසයට පැමිණීම බ්‍රිතාන්‍ය ප්‍රතික්ෂේප කිරීම ආජන්ටිනා ජනාධිපතිනියගේ දෝෂදර්ශනයට භාජනය වී තිබේ. බ්‍රිතාන්‍ය ජගත් සංවිධානයේ සම්මුතින්ට අනුකූලව කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ෆොක්ලන්ත දූපත්වල ඛනිජ තෙල් ඇති බව සොයාගැනීමෙන් අනතුරුව එම දූපත් කෙරේ වැඩි අවධානයක් යොමුවී තිබේ.

යුරෝපා - ලතින් ඇමෙරිකන් සමුළුවට නව බ්‍රිතාන්‍ය අගමැති කැමරන් සහභාගි වූයේ නැත. ඔහු නියෝජනය කළේ විදේශ ඇමැතිවරයායි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා