13 හැවිරිදි ඊජිප්තු බාලිකාවක් විවාහ කරගත් නයිජීරියා සෙනේට් සභිකයාගෙන් ප්‍රශ්න කෙරේ

13 හැවිරිදි ඊජිප්තු බාලිකාවක් විවාහ කරගත්
නයිජීරියා සෙනේට් සභිකයාගෙන් ප්‍රශ්න කෙරේ

13 හැවිරිදි ඊජිප්තියානු බාලිකාවක විවාහ කැරගන්ම සම්බන්ධයෙන් දෝෂාරෝපණයට ලක්ව සිටින නයිජීරියානු සෙනේට් සභිකයකුගෙන් පරීක්ෂකවරුන් ඊයේ ප්‍රශ්න කැර තිබිණ.

49 හැවිරිදි “අහමඩ් - සානි යෙරීමා” නම් මෙම සෙනේට් මන්ත්‍රීවරයා ගෙන් ඔහුගේ විවාහය පිළිබඳව දෙපැයක් තිස්සේ ප්‍රශ්නකැර ඇත්තේ පුද්ගල ජාවාරම හා සෙසු අදාළ කරුණු තහනම පිළිබඳ ජාතික ඒජන්සියේ පරීක්ෂකවරුන් විසිනි.

එහෙත් සෙනේට් සභිකයා පවසා ඇත්තේ ඔහු නියිජීරියානු ජනරජ ව්‍යවස්ථාවේ අපේක්ෂාවන් උල්ලංඝනය වන පරිදි කටයුතු කැර නැති බවයි. වාර්තාවී ඇති පරිද්දෙන් අදාල විවාහය සිදුව ඇති බවත් අබූජා ජාතික පල්ලියෙ ප්‍රධාන පූජකවරයා විසින් එය අනුදත් බවත් ඔහු කීවේය.

මෙහිදී අබුජාහි ෂරියා අභියාචනාධිකරණයෙන් නිකුත් විවාහය පිළිබඳ දිවුරුම් සහතිකයක් ඉදිරිපත් කළ ඔහු අදාළ බාලිකාව දැනට ඊජිප්තුවේ ද්විතීයික පාසලක උගන්නා බවද කීවේය.

ජූනි 17 දා තෙක් ඇප මත මුදාහැර ඇති යෙරීමා, 2003 නයිජීරියා ළමා අයිතිවාසිකම් පනත වැරදි ලෙස බලාත්මකව ඇතැයි පෙනීගොස් තිබෙන අතර 1999 - 2007 ඔහු සම්ෆාරා ප්‍රාන්ත ආණ්ඩුකාරයාව සිටියදී ප්‍රාන්ත ආණ්ඩුව එම පනත ප්‍රතික්ෂේප කළ බව කියා තිබේ.

එම පනතින් වයස 18ට අඩු අයකු විවාහ කැරගත නොහැකිය.

ඉකුත් සතියේ ඔහු තම ක්‍රියාව සාධාරණි කරණය කෙළේ ඔහු මහමත්තුමාගේ අඩි පාරේ ගමන් කළෙකු බව පෙන්වා දෙමිනි. ඔහු පවසන්නේ මහමත් තුමා 9 හැවිරිදි බාලිකාවක වන අයිපාටු සමග යුග දිවියට එළඹි බවය.

13 හැවිරිදි බාලිකාව සමඟ විවාහ වීමට පෙර යෙරීමා ඇයට ඩොලර් 100000 ක දෑවැද්දක් ලබාදී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

කෙසේ වෙතත් ඔහුට එරෙහි නඩු විභාගයෙන් වරදකරු වූවොත් ඔහුට ඩොලර් 3270 ක දඩයක් හෝ පස් අවුරුදු සිරදඬුවමක් හෝ දෙකම නියම විය හැකි බව සඳහන්ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා