අමෙරිකාවේ මිසයිල ආරක්ෂක සැලසුම් තාක්ෂණික මිථ්‍යාවක්

අමෙරිකාවේ මිසයිල ආරක්ෂක සැලසුම් තාක්ෂණික මිථ්‍යාවක්

අධ්‍යයනයකින් හෙළි වෙයි

එක්සත් ජනපදයේ මිසයිල ආරක්ෂක සැලසුම් ‘තාක්ෂණික මිථ්‍යාවන් මත’ පදනම්ව ඇති බවත් හමුදා අත්හදා බැලීම්වලදී ළඟාවන සතුරු මිසයිලයක් විනාශ කිරීමට යොදා ගත් අන්තර් ප්‍රතිග්‍රාහකයන් බොහොමයක් අසාර්ථක වී ඇති බවත් නව අධ්‍යයනයක් මගින් පෙන්වා දි තිබේ.

බැලිස්ටික් මිසයිල විනාශ කිරීමට යොදා ගන්නා ‘ඉර් – 3 - ඝාතක වාහනය’ අත්හදා බැලූ අවස්ථා 10 ක් සමාලෝචනයට ලක් කරන අමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු මෙහිදී ව්‍යාජ සතුරු මිසයිලවල ඉලක්කය නිශ්චිතවම සපුරා ගත්තේ එකක් හෝ දෙකක් පමණක් බව පවසා තිබේ. ඉතිරි අවස්ථා අටේදී හෝ නමයේදී ව්‍යාජ සතුරු මිසයිල ඉලක්කයන්ට ළඟා වූ බැවින් සැබෑ අවස්ථාවකදී ද එය එපරිද්දෙන් සිදුවිය හැකි බව ඔවුහු කියති.

‘තත්කාලීන අවි පාලනය’ නම් ප්‍රකාශනයකට මෙබව පවසා ඇත්තේ කෝනල් සරසවියේ ජෝර්ජ් ලුවී හා තියඩෝර් පොස්ටොල් යන විද්‍යාඥයන් දෙදෙනාය. 2002 – 2009 අතරදී සිදු කළ සියලුම අත්හදා බැලීම් සාර්ථක බව පෙන්ටගනය පවසා ඇතත් මේ විද්‍යාඥයින් පවසන්නේ මේ ප්‍රකාශනය හුදු හිතලුවක් පමණක් වන අතර මෙම තාක්ෂණික මිථ්‍යාවන්ට අනුගතවන ප්‍රතිපත්තිමය උපාය මාර්ග විනාශකාරී විදේශ ප්‍රතිපත්තියකට මග පාදනු ඇති බවය. ‘එක්සත් ජනපදයේ දුර්වල හා බියකරු මිසයිල ආරක්ෂණ සැලසුම්’ යන හිසින් ඔවුන්ගේ ප්‍රකාශනයන් විස්තර කෙරී ඇත.

එහෙත් එක්සත් ජනපද මිසයිල ආරක්ෂණ ඒජන්සිය මෙම විද්‍යාඥ අදහස් පිළිකෙව් කැර ඇත්තේ ඒවා ‘දුර්වල සාවද්‍ය හා නොමග යවන සුළු බව‘ අවධාරණය කරමිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා