බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්න උග්‍ර සටනක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්න උග්‍ර සටනක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගැනීමට අලුතින් තේරීපත්වී ඇති බ්‍රිතාන්‍ය පාලකයන්ට උග්‍ර සටනක් දියත් කිරීමට සිදුවනු ඇති බව එරට දේශපාලන විද්වත්හු ප්‍රකාශකර ඇත.

කලින් පැවති පාලන සමයේදී ඇතැම් මැති ඇමතිවරුන් දූෂණ හා වංචාවලට හවුල්වූ බවට පාර්ලිමේන්තුව තුළ මහත් ආන්දෝලනයක් ගොඩනැගී තිබිණි. ස්වකීය සැපවිහරණය සඳහා ඇතැම් මහජන නියෝජිතයන් රජයේ මුදල් වියදම්කර තිබූ බව හෙලිදරව් විය.

මෙවැනි මන්ත්‍රීවරුන් කිහිපදෙනක්ම මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමෙන් වැළකී සිටයේය.

මේ අතර තරගවැදුණු හිටපු ස්වදේශ කටයුතු ලේකම් ජැකී ස්මිත් වැනි අය ඡන්දයෙන් පරාජයට පත්විය.

බ්‍රිතාන්‍යයේ නව පාර්ලිමේන්තුව මැයි මස මහ මැතිවරණයෙන් අනතුරුව මුල්වරට මේ සතියේ රැස්විය.

ආසන 649 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 232 ක් හිමිකරගෙන ඇත්තේ නවක මන්ත්‍රීවරුන්ය.

සහන ක්‍රමයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අතිරේක නිවාස ලබාදීමටත්, කාර්යය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් බඳවාගැනීම එක් අයෙකුට සීමාකිරීමටත් දැනටමත් පියවර ගෙන තිබේ.

මෙවැනි පියවරවලින් පමණක් බ්‍රිතාන්‍ය යථා තත්ත්වයට පත්කළ නොහැකි නිසා අගමැති ඩේවිඩ් කැමරන්ට නව දේශපාලන ගමන් මඟකට අවතීරණ වීමට සිදුවනු ඇතැයි විචාරකයෝ පවසති.

බ්‍රිතාන්‍යයේ බලයට පත් නවතම කොන්සර්වටිව් - ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රජය, 2 වන ලෝක සංග්‍රාමයෙන් පසුව බ්‍රිතාන්‍යයේ බලයට පත් ප්‍රථම සභාග රජයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා