ත්‍රිත්ව 24-12 කින් වෙස්ලි පරදවයි

ජනාධිපති කුසලාන රගර්

ත්‍රිත්ව 24-12 කින් වෙස්ලි පරදවයි

ජනාධිපති කුසලාන අන්තර් පාසල් රගර් තරගාවලියේ වෙස්ලි - ත්‍රිත්ව අතර තරගයෙන් ලකුණු 24 – 12 ක ජයක් ත්‍රිත්ව විදුහල හිමි කර ගත්තේය.

මේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති මේ තරගයේ ප්‍රථම භාගය නිමා වෙද්දී දෙපිලම ලකුණු 5 බැගින් ලබා සම තත්ත්වයක පසුවිය.

ත්‍රිත්ව විදුහල ගෝල් 2 ක් ට්‍රයි 2 ක් වාර්තා කළ අතර වෙස්ලි විදුහල ගෝල් 1 ක් හා ට්‍රයි 1 ක් ලබා ගත්තේය.

වෙස්ලි විදුහල මෙවර තරගවාරයේ මෙතෙක් සහභාගී වූ තරග පහම පරාජයට පත්ව ඇත. ත්‍රිත්ව විදුහල තරග 5 කදී ජයග්‍රහණ 3 ක් හා පරාජ 2 ක් වාර්තා කර සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා