බෝල්ට්ට තවත් ජයක්

බෝල්ට්ට තවත් ජයක්

ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කියන ලෝක සූර උසේන් බෝල්ට් ජගත් මලල ක්‍රීඩා සම්මේලනයේ ඩයමන්ඩ් ලීග් ෂැංහායි සූරතාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 19.76 කින් නිමා කොට ජය අත්පත් කර ගත්තේය.

මීට පෙර මීටර් 200 ඉසව්ව තත්පර 19.19 කින් නිමා කොට ලෝක වාර්තාවක් තැබූ බෝල්ට් ෂැංහායි තරගාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20 ඇතුළත නිමා කළ එකම ක්‍රීඩකයා ද වේ.

දෙවැනි ස්ථානය හිමි කර ගත් අමෙරිකාවේ ඇන්ජලෝ ටේලර් ගත කළ කාලය තත්පර 20.34 ක් වූ අතර අමෙරිකාවේම රයන් බේලේ තත්පර 20.43 කින් තරගය නිමා කොට තෙවැනි ස්ථානයට පත් විය.

2008 වසරේ චීනයේ බීජිං නුවර පැවැති ඔලිම්පික් උලෙළේදී රන් පදක්කම් ත්‍රිත්වයක් දිනූ බෝල්ට් ඉන් අනතුරුව චීනයේ තරග වැදුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා