පොලිස්-නාවික ගැටුම ජය පරාජයෙන් තොරයි

පොලිස්-නාවික ගැටුම ජය පරාජයෙන් තොරයි

පොලිස් පිල සහ ප්‍රබල නාවික හමුදා පිල අතර කැල්ටෙක්ස් ලීග් රගර් තරගමාලාව සඳහා පොලිස් පිටියේ පැවැති තරගය ලකුණු 13 - 13 ක් වශයෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ උණුසුම් අවස්ථාවක්

ඡායාරූපය - රංජිත් ජයවීර

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අපරාජිත නාවික හමුදා පිලට දැඩි අභියෝගයක් එල්ල කළ පොලිස් පිල මේ තරගමාලාවේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපෝසත් වූ එකම කණ්ඩායමද වේ.

තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක් දියත් කළ පොලිස් පිල 3 - 0 ක් ලෙස ඉදිරියෙන් සිටියද පළමු භාගය නිමාවන විට ලකුණු තත්ත්වය 8 - 3 ක් ලෙස වාර්තා කොට පෙරමුණ ගැනීමට නාවික හමුදා පිල සමත්වී තිබිණි. නමුත් තරගය නිමාවන විට දෙපිලම ලකුණු 13 බැගින් ලබාගෙන සිටියහ. නාවික හමුදාව වෙනුවෙන් ජනපති පුත් රෝහිත රාජපක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කළේ ය.

නාවික හමුදාව රැස් කළ ලකුණු 13 ට උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් ඇතුලත් වූ අතර පොලිස් පිල වාර්තා කළ ලකුණු 13 ට දඬුවම් පහර 2ක් සහ ගෝලයක් ඇතුලත් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා