බොක්සිං ක්‍රීඩකයාගෙන් පොරොන්දු මල්ලක්

බොක්සිං ක්‍රීඩකයාගෙන් පොරොන්දු මල්ලක්

පිලිපීනයේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වන මැනි පැකියාවෝ බොක්සිං වලල්ලේ දී මුහුණදුන් අභියෝගයන්ට වඩා අභියෝග රැසකට දේශපාලන පිටියේ දී මුහුණ දී ඇති බව වාර්තාවේ.

සරන්ගානි ප්‍රදේශයේ මහජන නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පැකියාවෝ පොරොන්දු මල්ලක් ද සමඟ දේශපාලන පිටියට පිවිසියෙකි. ඔහුගේ පාක්ෂිකයන් පොරොන්දු ඉටුවන තෙක් බලාසිටිනු පෙනේ.

400,000 පමණ ජනතාවක් ජීවත්වන සරන්ගානි තරගයට රෝහලක් නොතිබෙන බැවින් එම නගරයට රෝහලක් ඉදිකරදීමට පැකියාවෝ පොරොන්දු වී ඇත.

තිස් එක් හැවිරිදි මේ බොක්සිං ක්‍රීඩකයා පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී ලද ජයග්‍රහණයෙන් පසු ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදාකරදීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, පහසුකම් ඉහළ නැංවීමේ කටයුතු සුදානම් කරමින් සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා