නිට්ටඹුව පරණ බස් නැවතුමේ බණ්ඩාරනායක පිළිරුව ගරා වැටිලා

නිට්ටඹුව පරණ බස් නැවතුමේ බණ්ඩාරනායක පිළිරුව ගරා වැටිලා

ගරාවැටීමට ආසන්න නිට්ටඹුව පැරැණි ලංගම බස්නැවතුම්පොළේ තිබෙන ලංගමයේ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක අගමැතිවරයාගේ පිළිරුව එම බස්නැවතුම්පොළත් සමඟම ගරා වැටෙන්නට ඉඩ හැර තිබීම, එතුමාගේ නාමයට කරන අගෞරවයක් නොවේදැයි නිට්ටඹුව ලංගම ඩිපෝවේ සේවකයෝ අසති.

එසේම දැනට ගරාවැටෙමින් තිබෙන නිට්ටඹුව පැරැණි බස් නැවතුම්පොළේ බණ්ඩාරනායක පිළිරුව එතැනින් ගලවා නිට්ටඹුව නව බස් නැවතුම්පළේ සවිකරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා