හලාවත අතරමංවූ දරුවා පොලීසිය භාරයට

හලාවත අතරමංවූ දරුවා පොලීසිය භාරයට

මවගේ හලාවත පදිංචි අක්කාගේ නිවසට බොරැල්ලේ සිට තනිවම පැමිණි හත්හැවිරිදි පිරිමි ළමයෙක් නිවස සොයා ගැනීමට නොහැකිව අතරමංව සිටියදී ප්‍රදේශවාසීන් සොයා ගෙන පෙරේදා (16) රාත්‍රී හලාවත පොලිසියට බාර දී ඇත.

නිවසේ වැඩිහිටියන්ට නොදන්වා බස් රථයකින් හලාවත නගරයට පැමිණි එම දරුවා හලාවත දී තම ලොකු අම්මාගේ නිවස සොයා ගැනීමට නොහැකිව අතරමං වී ඇත. පසුව අසල්වාසීන් දරුවා දැක විස්තර විමසා ඔහුව හලාවත පොලිසියට බාර දී ඇත.

මේ දරුවා බොරැල්ල ගෝතමී පාරේ පදිංචිකරුවකු වන අතර පෙරේදා (16) සවස සිට අතුරුදන්ව ඇත. ඒ පිළිබඳව බොරැල්ල පොලිසියට නිත්‍යානුකූ®ලව පැමිණිල්ලක් ඊයේ (17) වනතුරු දන්වා නැති බව බොරැල්ල පොලිසිය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා