කුරුඳුවත්ත පොලිසිය ගැන ප්‍රදේශවාසීන් ප්‍රසාදයෙන්

කුරුඳුවත්ත පොලිසිය ගැන ප්‍රදේශවාසීන් ප්‍රසාදයෙන්

සමාජයේ යහපත උදෙසා තම දහඩිය වැයකරන ආදර්ශමත් පොලිස් නිලධාරියකු ලෙස සමාජයට කරන සේවය අනිත් පොලිස් නිලධාරින්ට ආදර්ශයක්. මහජනතාව සමඟ මිත්‍රශීලි පොලිස් සේවයක් ඇති කිරීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති සංජය මහතා ඇතුළු පොලිස් නිලධාරින් ගන්නා උත්සහය ගඟඉහළකෝරලේ ජනතාව ප්‍රශංසාව පළ කරති.

වසර ගණනක් පොලිස් ස්ථාන දෙකකට නිම කරන්න බැරිව තිබූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම 75% ක් නිමකරමින් ප්‍රදේශයේ තිබූ දුෂණ ක්‍රියා නැත්තටම නැති කරමින් මේ පොලිස් ස්ථානය ජනතාවට සමීප තැනක් බවට පත් කෙළේය.

ඒ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහත්වරුන්ට ග්‍රාම නිලධාරි වසම් 20 ක ජනතාව ස්තුතිය පුද කරති.

ගම්පල කුරුඳුවත්ත පොලිස් ස්ථානය
ඡායාරූප - ගඟඉහළකෝරළේ සමූහ

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා