කෙලින්කන්ද මතුගම මාර්ගයට දැවැන්ත කළුගලක් කඩා වැටිලා

කෙලින්කන්ද මතුගම මාර්ගයට දැවැන්ත කළුගලක් කඩා වැටිලා

කුකුලේගඟ සමීපයේ මාර්ගයට අවහිර කැර කොන්ක්‍රීට් බැම්ම උඩට දැවැන්ත කලුගලක් පතිතව ඇති අයුරු.
ඡායාරූපය – පාලින්ද නුවර විශේෂ මාකෙලියේ සේන

පාලින්ද නුවර කෙළින්කන්ද – මතුගම මාර්ගයේ පසුගිය වැසි සමයේදී දැවැන්ත කළු ගලක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට මහත් අවහිරයක් ඇතිවී තිබේ.

දැවැන්ත කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර මාර්ගය සකසා තිබෙන මේ ස්ථානයේ තාමත් ඉවත් නොකර පවතින මේ දැවැන්ත කළු ගල මාර්ගයට බලවත් අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ දැවැන්ත කළුගල කඩිනමින් ඉවත් නොකළොත් අධික වර්ෂාපතනයක් පැමිණි අවස්ථාවකදී මාර්ගය කඩා බිඳගෙන මේ විශාල කලුගල කුකුලේගඟට ඇඳී යෑමට ඉඩ තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා