මාතරින් ඉඳුල් බත් කිලෝ 1200ක් දිනකට අපතේ

මාතරින් ඉඳුල් බත් කිලෝ 1200ක් දිනකට අපතේ

මාතර නගර සභා බලප්‍රදේශයේ දිනකට ඉඳුල් බත් කිලෝ 1200 ක් පමණ අපතේ දමන බව හෙළිවේ. මාතර නගරයේ කැළිකසළ ටොන් එකක ට්‍රැක්ටරයක ඉඳුල් බත් කිලෝ 30ක් පමණ තිබෙන බවත් මේ අනුව නගරයෙන් දිනකට ඉවත්වන කැළි කසළ ටොන් 40ක් කිලෝ 1200 ක ඉඳුල් බත් තිබෙන බවත් නගර සභාවේ කොම්පොස්ට් ව්‍යාපෘතියේ ස්ථානභාර නිලධාරි නන්ද කුමාර හෙට්ටි ආරච්චි මහතා පැවැසීය.

බත් විසි කිරීම ලොකු අපරාධයක්. ඉතිරිවෙන බත් වේලා සීනි දමා ගුලිකර ආහාරයට ගන්නේ නම් මේ අපතේ් යෑම වළක්වා ගත හැකි බව හෙතෙම පැවැසීය. වසරකට අපතේ දමන බත් ප්‍රමාණය කිලෝ හාරලක්ෂ තිස් දෙදහසක් පමණ බවත්, මාතර නගරයේ ජනතාව බත් කෑමට වඩා විසි කිරීමෙන් වාර්තාවක් තබා ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා