ධාරානිපාත වැසි

ධාරානිපාත වැසි

මෙක්සිකෝව හා අමෙරිකාව අතර ප්‍රධාන පාලම වසා දැමේ

මෙක්සිකෝවට පෙරේදා බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් ජලගැලීම් ඇතිවීමෙන් දහස්ගණන් පිරිස් ඉවත් කරන ලදුව එක්සත් ජනපද මෙක්සිකෝ දේශසීමා අතර පිහිටි ප්‍රධාන පාලම ද වසා දමා තිබේ. පුද්ගලයන් 15 දෙනකු මියගිය ඇලෙක්ස් චණ්ඩ මාරුතයෙන් පසු වර්ධනය වන තවත් චණ්ඩ මාරුතයක් නිසා මේ තත්ත්වයන් ඇති වී තිබේ.

ප්‍රාන්ත කීපයකම ජලාශ උතුරා යාම නිසා එම ජලය පිටාරගලන ගංගා වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. නිවාස 40,000 ක් පමණ දැනට විනාශ වී තිබේ. 22,000ක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත. 1,00,000 කට වැඩි පිරිසකට පානීය ජලය නැත. මේ අතර තව තවත් වැසි ඇති විය හැකි බව පුරෝකතනය වී ඇත.
 


අලුතින් වර්ධනය වන චණ්ඩමාරුතයක් හේතුවෙන් මෙක්සිකෝවේ පෙරේදා ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් හටගත් ජල ගැල්මට ගොදුරු වූ වාහනයක් ගොඩ ගැනීමට දරන ප්‍රයත්නයකි මේ.
ඒ. එෆ්. පී.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා