අමෙරිකාවක් ඊශ්‍රායලයත් ලෝක ආඥාදායකයන් වෙලා

අමෙරිකාවත් ඊශ්‍රායලයත් ලෝක ආඥාදායකයන් වෙලා

ඉරාන ජනාධිපති

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ලෝක ආඥාදායකයන් යැයි ඉරාන ජනාධිපති මහමුද් අහමදීන් ජාඩ් පෙරේදා ප්‍රකාශ කළේ ය. ඔහු මෙසේ ප්‍රකාශ කළේ නයිජිරියාවේ අබුජා අගනුවරදී ඊයේ පැවැත්වීමට නියමිත වූ එක්දින ඩී 8 (සංවර්ධනයවන අට) රටවල සමුළුවට සහභාගිවීමට එහි පැමිණි අවස්ථාවේ ය.

අබුජාහි ඉරාන තානාපති කාර්යාලයට රැස් වූ සියගණනක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ලෝක නායකයන් යැයි ඔවුන්ම ප්‍රකාශයට පත් කැර ඇති අතර එසේ ස්වයං ප්‍රකාශිත නායකත්වය ආඥාදායකත්වය හැර අන්යමක් නොවන බව හැමදෙනාම දැනගත යුතු බවය.

එහෙත් ලෝකයේ ආඥාදායකත්වයට දැන් ඉඩක් නැතැයි ද ඔහු කීවේ ය. මේ ආක්‍රමණිකයන් ඔවුන්ගේ රුදුරු බළකායන් මිහිතලයෙන් අතුගාදැමිය යුතුයැයි වැඩිදුරටත් පැවසූ ඔහු, පලස්තීන ජනතාවගේ වේදනාවන් අවසන් කිරීමට කටයුතු කරන බවත් පලස්තීන සරණාගතයින් යළි ඔවුන්ගේ මව්බිම කරා යනු ඇති අතර නුදුරේදීම මේ විජයග්‍රහණයන් සැමරීමට අවස්ථාව උදාවනු ඇති බවත් කියා සිටියේ ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා