බෑග්ඩෑඩයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

බෑග්ඩෑඩයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

සියා මුස්ලිම් වන්දනාකරුවන් පිරිසකට බැග්ඩෑඩයේ දී බදාදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් බැතිමතුන් 28 දෙනකු මියගොස් තිබේ. මේ අතර වෙනත් ප්‍රදේශවලදී එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් තවත් 11 දෙනකු මරුමුවට පත්වී ඇත. ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 114 කි.

ෂයිටිවරුන්ගේ වැඳුම්පිදුම්වලට ලක්වී සිටින 12 වන සියා මුස්ලිම්වරුන් ගේ ඉමාම්වරු අතුරින් හත්වන ඉමාම්වරයාට ගෞරව දැක්වීම සඳහා පැවති උත්සවයක දී අඩ්හමියා නගරයේ දී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

මෙම උත්සවය වෙනුවෙන් බැග්ඩෑඩ් නගරයේ ආරක්ෂක සංවිධාන තරකර තිබිණි. මාර්ග බාධක සිය ගණනක් යොදා තිබීම නිසා ගමනාගමනයට දැඩි බාධා එල්ලවූ බව වාර්තාවේ.  යළිත් දැනුම් දෙන තුරු බැග්ඩෑඩ් නගරයේ යතුරුපැදි, පාපැදි සහ කරත්ත ගමනාගමනය තහනම් කර තිබේ.

2003 දී අමෙරිකානු ආක්‍රමණයෙන් අනතුරුව හිටපු ජනාධිපති සදාම් හුසේන් බලයෙන් පහකර දැමීමෙන් අනතුරුව, ඉරාකයේ සිටින සියා බහුතරය නිරතුරුව සුන්නි ප්‍රහාරවලට ලක්වේ. 2009 අප්‍රේල් මාසයේදීත් ඉමාම් මුසා කඩිම් ගේ දේවස්ථානය මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්විය. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 65 දෙනකු මියගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 120 කට අධිකය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා