ප්‍රංශ ජනපතිට එරෙහි මූල්‍ය වංචා චෝදනා විමර්ශනය ඇරැඹේ

ප්‍රංශ ජනපතිට එරෙහි මූල්‍ය වංචා චෝදනා විමර්ශනය ඇරැඹේ

ප්‍රංශ ජනාධිපති නිකොලොයි සාර්කෝසි නීති විරෝධි ලෙස මුදල් ලබාගත් බවට නැගී ඇති චෝදනා මත එරට අධිකරණය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. ජනාධිපතිවරණ සටන මෙහෙයවීම සඳහා එරට ප්‍රකෝටිපතිනියකගෙන් යුරෝ 150,000ක් ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ.

ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපති සාකෝසි මුහුණ දෙන උග්‍රතම අර්බුදය මෙය ලෙස සැලකේ. මෙය තම චරිතය ඝාතනය කිරීමට ගොතන ලද නිර්මාණයක් බව සාකෝසි ඉකුත් අඟහරුවාදා පවසා ඇත.  ඔහු මේ සම්බන්ධයෙන් රූපවාහිනිය ඔස්සේ කරුණු පැහැදිලි කිරීමට සැරසේ. ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කිසියම් දේශපාලන පක්ෂයකට පෞද්ගලික ප්‍රදානයන් වශයෙන් වසරකට ලබාදීමට ප්‍රංශ නීතිය අවසර දී ඇත්තේ යුරෝ 7,500ක් පමණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා