වැලිපිල්ලෑව ජයකොඩි විද්‍යාලය 15න් පහළ අවසන් පූර්ව වටයට

වැලිපිල්ලෑව ජයකොඩි විද්‍යාලය 15න් පහළ අවසන් පූර්ව වටයට

චතුරංග ලක්මාල්

පුහුණුවීම් සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් පවා නොමැතිව ආර්ථික දුෂ්කරතා මැද ඉතා ධෛර්යය සම්පන්නව පුහුණුවීම් කටයුතු කරමින් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අත් නොවුණු කීර්ති නාමයක් තම පාසලට අත්කරදීමට වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයේ 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය මගින් පැවැත්වූ 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් චතුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්ව සිටියි.

නායක චතුරංග ලක්මාල් පිට පිට ශතක වාර්තා කරමින් දැක්වූ ආකර්ශනීය පිතිහරඹය සහ සදරු කුසල්, මිනිල ලක්ෂාන් ගේ කඩුලු බිඳ හෙළීම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉවහල් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා