15න් පහළ පාසල් බාලිකා සූරතාව බර්නදෙත් විදුහලට

15න් පහළ පාසල් බාලිකා සූරතාව බර්නදෙත් විදුහලට

සමස්ත ලංකා 15 න් පහළ පාසල් බාලිකා පාපන්දු ජය පොල්ගහවෙල බර්නදෙත් මහා විද්‍යාලයීය කණ්ඩායමට හිමි විය. මාවතගම මුළුවල මහා විද්‍යාලය දෙවන ස්ථානයටත්, බදුල්ල, බිබිල, මැදගම මහා විද්‍යාලය තුන්වන ස්ථානයටත් පත්විය.

දින තුනක් කුරුණෑගල , මාලිගාපිටියේ පැවැති සමස්ත ලංකා පාසල් බාලිකා පාපන්දු තරගාවලිය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි.

පාසල් පාපන්දු කණ්ඩායම් 64 ක් පළමු වටය සඳහා ඉදිරිපත් වූ අතර, ඉන් කණ්ඩායම් 18 ක් දෙවන වටයට තේරිණි. අවසන් වටය සඳහා පස්යාල මහා විද්‍යාලය පරදවා බදුල්ල බිබිල , මැදගම මහා විද්‍යාලය 3 වන ස්ථානය ලබා ගත්තේය.

අවසන් මහා තරඟය සඳහා මාවතගම බු බුළුවල මහා විද්‍යාලය හා පොල්ගහවෙල බර්නදෙත් මහා විද්‍යාලය තරග වැදුණි. එහිදී 0 - 1 ලෙස ජය හිමිකර ගන්න බර්නදෙත් බාලිකාවෝ සමත් වූහ.

සමස්ත තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස පූර්ණිමා සඳමාලි ද දක්‍ෂතම දැල් රකින්නිය ලෙස ඉසංකා යොහානි ද (බර්නදෙත් මහා විද්‍යාලය) ජය සංකේත ලැබීය.

ජයග්‍රාහී කණ්ඩායම්වලට ජය සංකේත, සහතිත හා පදක්කම් පිරිනැමීම කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති ගාමිණී පෙරමුණුගම මහතා අතින් සිදු විය. මෙම අවස්ථාවට අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීහු ද සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා