බද්දේගම සැහැල්ලු පන්දු ක්‍රිකට් හෙට සහ අනිද්දා

බද්දේගම සැහැල්ලු පන්දු ක්‍රිකට් හෙට සහ අනිද්දා

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 94/97 ආදි සිසු සංසදය ප්‍රථම වරට පවත්වනු ලබන සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හෙට සහ අනිද්දා බද්දේගම කුම්වේ ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී පැවැත්වේ.

බද්දේගම ප්‍රදේශයේ දිවා රාත්‍රී ක්‍රිකට් තරගාවලියක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. තරගාවලිය සඳහා මුලින්ම ලියාපදිංචි වන කණ්ඩායමට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

සූරත්වය දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 50000/- ක්ද, අනුසූරයින් රුපියල් 25000/-ක්ද පිරිනමන අතර තරගාවලියේ වීරයාට, තරගයේ වීරයාට ත්‍යාග පිරිනැමීමට නියමිතය.

අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරුවරුන් සහභාගීවන මෙම තරගාවලිය විචිත්‍රවත් කිරීම සඳහා ප්‍රසිද්ධ නර්තන කණ්ඩායම්, මල්වෙඩි සංදර්ශන පැවැත්වේ.

ක්‍රිස්තුදේව අරුණලු මිතුරා සංසදය මෙම තරගාවලියට සමගාමීව විද්‍යාලයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් පරිගණක දහයක් (10) විද්‍යාලයට පරිත්‍යාග කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා