මහනුවරට හෙරොයින් බෙදූ ‘කුඩු ෂොකට්’ දැලේ

මහනුවරට හෙරොයින් බෙදූ ‘කුඩු ෂොකට්’ දැලේ

මහනුවර හා කටුගස්තොට ප්‍රදේශවලට කලක තිස්සේ සිට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදා හැරි බව කියන “කුඩු ෂොකට්” නොහොත් අශෝක නැමති සැකකරු පැකට් 30 ක හෙරොයින් තොගයක් සමඟ පෙරේදා (10) සවස මහයියාව ප්‍රදේශයේ දී මහනුවර කොට්ඨාස මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මහයියාව වේවැල්පිටිය නාගරික ක්‍රීඩාංගණය අසල දී සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුම් තුළ සඟවා තබාගෙන තිබූ හෙරොයින් පැකට් තිහක තොගය පොලිසිය සොයාගෙන තිබේ.

වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයකු ද මෙම සැකකරු සමඟ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. සැකකරු වයස අවුරුදු 48 ක පුද්ගලයකු වන බවත් ඔහු වසර 25 ක් තිස්සේ හෙරොයින් සඳහා ඇබ්බැහි වූවෙකු බවත් පොලිසිය පවසයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් කස්තුරිරත්න මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර සමරකෝන්, උප පොලිස් පරීක්ෂක වයි. ඒ. උපතිස්ස, උප පොලිස් පරීක්ෂක එම්. අබේසේකර, පොලිස් සැරයන් ඩී. හේමචන්ද්‍ර (24767) යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා