කල් ඉකුත් වූ ආහාර විකුණා දඩ කයි

කල් ඉකුත් වූ ආහාර විකුණා දඩ කයි

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ තුළ කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ වෙළෙඳ සැල් හිමියන් සිවුදෙනෙකුට එක් අයෙකුට රුපියල් 5000 බැගින් රුපියල් 20000 ක දඩයක් මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ලලිත් ඒකනායක මහතා විසින් ඊයේ නියම කර තිබේ.

මෙම වෙළඳසැල් තුළ තිබී කල් ඉකුත් වූ මුදවපු කිරි හට්ටි, කේක් ඇතුළු පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් සොයාගෙන ඇත.

මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වයි. එම්. යාපා මහත්මියගේ උපදෙස් මත ආහාර පරීක්ෂක එච්. එස්. විජේතුංග මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

මහනුවර නගරයේ අපිරිසිදු ලෙස හෝටලයක් පවත්වාගෙන ගිය අයෙකුද ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුටද රුපියල් 7500 දඩයක් මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා