සුදු කොඩි නඩුවේ ශවේන්ද්‍රගේ සාක්කිය 15දා

සුදු කොඩි නඩුවේ ශවේන්ද්‍රගේ සාක්කිය 15දා

සුදු කොඩි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීම සඳහා ලබන 15 දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එම නඩුව විභාග කරන මහාධිකරණ ත්‍රිත්ව විනිසුරු මඬුල්ල ඊයේ (11) සිතාසි නිකුත් කළේය.

පැමිණිල්ලේ තුන්වැනි සාක්කිකරු වශයෙන් නම් කර ඇති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඊළඟ නඩු දිනයේ අධිකරණයට පැමිණීමට දන්වා සිතාසි නිකුත් කරන ලෙස පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් අනුව සිතාසි නිකුත් කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා