ජනපති පදවිප්‍රාප්තිය සමරා ලේක්හවුස් ආයතනයේ 15 වැනි පින්කම

ජනපති පදවිප්‍රාප්තිය සමරා ලේක්හවුස් ආයතනයේ 15 වැනි පින්කම

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හා දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය සංවිධානය කරන බෝධි පූජා මාලාවේ 15 වැන්න කොළඹ, කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී ඊයේ (11) පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක හා වෛද්‍ය අංශයේ දායකත්වයෙන් පැවැති මේ පින්කම පූජ්‍ය නේපාලයේ ප්‍රසන්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. බෝධි පූජා පින්කම් මාලාවට අමතරව මේ මස (17) දා රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනයක්ද (18) දා දහවල් මහා සංඝරත්නය 66 නමක් විෂයෙහි දහවල් දානය පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. ඊයේ පැවැති බෝධි පූජා වැඩසටහන පැවැති අයුරු මෙහි දැක්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා