සෞදියේදී මියගිය ගෘහ සේවිකාවගේ මරණය ඝාතනයක් බව හෙළිවෙලා

සෞදියේදී මියගිය ගෘහ සේවිකාවගේ මරණය ඝාතනයක් බව හෙළිවෙලා

සෞදි අරාබියාවේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය ඝාතනයක් බවට තහවුරු කරගෙන ඇත.

පවනි දේ සින්නයියා (36) නැමැති කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබෙන අතර ඇය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදී මෙය ඝාතනයක් බවට තහවුරු වී ඇතැයි සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

සෞදි අරාබියාවේ අල් කුරාක් ප්‍රාන්තයේ නිවෙසක ගෘහ සේවයේ නිරතව සිටි මෙම ශ්‍රී ලාංකික කාන්තාව පසුගිය ජනවාරි (19) දා ඇයගේ සේවාදායකයා විසින් මරා දමා තිබෙන අතර එයින් අනතුරුව අදාළ සේවා දායකයාව අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබියානු පොලීසිය පියවර ගෙන ඇත.

මෙම ගෘහ සේවිකාවගේ වසර දෙකක කොන්ත්‍රාත් කාලය නිමවී මාස 5ක කාලයක් ගතවීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබෙන බවද තානාපති ආරංචි මාර්ග කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා