‘ලංකා’ පුවත අසත්‍යයක්

‘ලංකා’ පුවත අසත්‍යයක්

හෙට්ටිගේ පරීක්ෂණයක් ඉල්ලයි

පසුගිය 6 වැනිදා ලංකා ඉරිදා සංග්‍රහයේ “මහේල – තිලාන් අනතුරේ – පළවූ තරග තහනමක් අවදානමක්” යන හිසින් පළ වූ වාර්තාව තම ආරක්ෂාවට බරපතළ ගැටලුවක් ලෙස හැඟී ඇති බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) කුමාරසිරි හෙට්ටිගේ මහතා පොලිසියට දන්වා සිටී.

එම ප්‍රවෘත්තියේ සඳහන්වන පරිදි තමා ස්වාධීන රූපවාහිනියේ විමසුම වැඩසටහනට තමා කිසි දිනෙක කිසිවෙකුට උපදෙස් ලබා නොදුන් බව හෙට්ටිගේ මහතා කියයි.

එම ප්‍රවෘත්තිය තම ජීවිතයට තර්ජනයක් මෙන්ම ම විසින් නොකරන ලද ක්‍රියාවකට සම්බන්ධ කිරීම කුමන්ත්‍රණකාරී සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඇති බව හැඟී යන හෙයින් ඒ ගැන පරීක්ෂණයක් පවත්වා තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස  හෙට්ටිගේ මහතා පොලිස්පතිගෙන් ඉලා සිටී.

මේ සිද්ධියට සම්බන්ධව හෙට්ටිගේ මහතා ලංකා ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ වෙත ලිපියක් යවා ඇත. තමාගේ උපදෙස් මත දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර මහතා විමසුම රචනා කරන බවට පළ වූ පුවත අසත්‍ය බවද හෙට්ටිගේ මහතා සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා