තෙල් බෙදීම නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය

තෙල් බෙදීම නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය

රට පුරා ඉන්ධන ප්‍රවාහනය කිරීම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමේ නව තාක්ෂණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දී තිබේ.

මේ මගින් ඉන්ධන බෙදාහැරීමේ දී සිදුවන අක්‍රමිකතා අවම කිරීමට හැකි වේ.

මේ මගින් ඉන්ධන බවුසර්වල මුද්‍රා තබන ලද පියන ඇරීම හා බවුසර්වල අනෙකුත් වෑල් ආදිය මෙන්ම ඉන්ධනවල උෂ්ණත්වය ද නිරීක්ෂණය කිරීමට හැකි බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා ප්‍රකාශ කෙළේ ය. මේ මගින් ඉන්ධන රථ ධාවනය වන මොහොතේ සිටම එම රථ පිළිබඳව සියලු තොරතුරු පරිගණක ගත වන අතර නියමිත මාර්ග හැර වෙනත් මාර්ගවල ධාවනය කරවීම පිළිබඳවද පරීක්ෂා කළ හැකි වේ.

මේ මගින් ඉන්ධන කලවම් කිරීම අක්‍රමිකතා සිදුකිරීම අවම කිරීම සිදුවන අතර පාරිභෝගිකයාට උසස් ස්ථාවර ලබාදීම අරමුණු බව ද ලේකම්වරයා සඳහන් කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා