රන් බඩු සොරාගත් සැකකරු කොටු වෙයි

රන් බඩු සොරාගත් සැකකරු කොටු වෙයි

දිවා කාලයේ නිවෙස්වලට කඩාපැන මුදල් හා රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් දහඅටකට සම්බන්ධ සැකකරුවකු රංගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ පහළොවක පමණ මුදල් හා රන් භාණ්ඩ පසුගිය වකවානුව තුළ මෙම සැකකරු විසින් සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉන් රුපියල් ලක්ෂ තුනහමාරක පමණ රන් භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත. තෙල්දෙණිය උඩුදුම්බර, වත්තේගම, නාඋල, හසළක, මැණික්හින්න, පෑලියගොඩ ආදී පොලිස් බල ප්‍රදේශයන්හි සැකකරු මෙම සොරාගැනීම් සිදුකැර ඇත. මින් පෑලියගොඩ පොලිස් වසමේ නිවසකින් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන් යතුරක් සොරාගන ඇතැයි පොලිසිය පවසයි.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන්, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න, සහකාර පොලිස් අධිකාරී ටී. එම්. තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත රංගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංගල බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මෙහි වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා