හිල්ටන් හෝටලයේ අයිතිය රජයට

හිල්ටන් හෝටලයේ අයිතිය රජයට

කොළඹ හිල්ටන් හෝටලයේ සම්පූර්ණ අයිතිය දැන් රජය සතුවන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය.

හිල්ටන් හෝටල් සමාගම පසුගිය එක්සත් ජාතික පක්ෂ සමයේ ලබාගැනීමෙන් පසු බදු මුදල් ගෙවා තිබුණේ මාස 2ක් පමණක් බව සඳහන් කළ බැසිල් රාජපක්‍ෂ මහතා එබැවින් එම හෝටල් භූමියේ අයිතිය ද රජය පවරා ගත් බවද පැවසීය.

ඉඩමක සම්පූර්ණ තක්සේරු වටිනාකම ගෙවීමකින් තොරව එම ඉඩමේ අයිතිය යම් සමාගමකට පවරා නොදීමේ තීරණයක් ද රජය ගත් බව ඇමැතිවරයා කීවේය. සැන්ගි‍්‍රලා හෝටල් සමාගම සම්පූර්ණ මුදල් ගෙවා ඉඩම මිලදී ගෙන හෝටලයේ ඉදිකිරීම් කටයුතු කිරීමට එකඟ වූ බවද පැවසීය.

සැන්ගි‍්‍රලා හා කැපික් සමාගම් පිළිබඳ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා හදිසි නීති විවාදයේදී පැවසූ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා