මන්ත්‍රී-ප්‍රභූ ආරක්ෂාව අඩු කිරීමේ තීරණ

මන්ත්‍රී-ප්‍රභූ ආරක්ෂාව අඩු කිරීමේ තීරණ

මන්ත්‍රීවරුන්ට හා ප්‍රභූවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී ඇති ආරක්ෂකයන් ප්‍රමාණය අඩු කිරීමට පටන්ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (9) පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නීත්‍යානුකූ®ලව ආරක්ෂාව සැපයීය යුතු යැයි තීරණය කර ඇති ප්‍රභූන් සඳහා ලබා දී ඇති පොලිසියේ භට සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ ඔවුන්ට එල්ලවන තර්ජනයේ ස්වභාවය අනුව බව ද ඇමැතිවරයා කීවේ ය. ඇමැතිවරයා එසේ පැවැසුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා අසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ආරක්ෂක අංශයේ හෝ පොලිසියේ නිලධාරීන් සංඛ්‍යාව කොපමණ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කෙළේ ය.

මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබා දෙන භට සංඛ්‍යාව හෙළි කිරීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තර්ජනයක් වන බැවින් ලබා දී ඇති භට සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බව ද ඇමැතිවරයා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා