උතුරේ සම්පත් දකුණට ගෙන යන කතා බොරු

උතුරේ සම්පත් දකුණට ගෙන යන කතා බොරු

උතුරේ තිබෙන පාරිසරික සම්පත් දකුණේ සංවර්ධනය සඳහා රජය භාවිත නොකරන බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

උතුරේ සංවර්ධනය සඳහා අවශ්‍ය කලුගල් සහ වැලි ගෙනයනු ලබන්නේ ද වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් බව ද ඇමැතිවරයා අනාවරණය කෙළේ ය.

උතුරේ පාරිසරික සම්පත් දකුණ සංවර්ධනය සඳහා යොදා ගන්නා බවට විවිධ පාර්ශ්වයන් චෝදනා කරන බවත්, එම චෝදනා රජය ප්‍රතික්ෂේප කරන බව ද අනුර යාපා මහතා කීවේ ය. උතුරේ අවතැන් වූ ජනතාව කඩිනමින් පදිංචිකර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන ගමන්, මෙවැනි යෝධ සංවර්ධනයක් රජය සිදු කරමින් තිබෙන බව ද ඇමැතිවරයා අනාවරණය කෙළේ ය.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා