පාසල් තරග 28කට ඩයලොග් අනුග්‍රහය

පාසල් තරග 28කට ඩයලොග් අනුග්‍රහය

දිවයන පුරා නගර 16 ක් නියෝජනය වන පරිදි විදුහල් 56 ක් තරගවදින ප්‍රධාන පෙළේ අන්තර් පාසල් ක්‍රිකට් තරග 28ක් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඩයලොග් ආසිආටා සමාගම එක්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානපෙළේ විද්‍යුත් සන්නිවේදන සේවා සැපයුම්කරුවකු ලෙස නම් දරා සිටින ඩයලොග් ආසිආටා සමාගම මේ වසරේ පාසල් ක්‍රිකට් වාරයේදී තරග 28ක ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයා තිබේ. කොළඹ ප්‍රදේශයට පමණක් සීමා නොවී කොළඹින් බැහැර ඈත ගම්බද ප්‍රදේශවලද පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබීම විශේෂ ලක්ෂණයකි.

අම්බලන්ගොඩ ථේරපුත්තාව හා විජයබා විදුහල් අතර ක්‍රිකට් තරගය සඳහා අනුග්‍රාහක චෙක්පත ඩයලොග් ආසිආටා අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරි හාන්ස් විජේසූරිය මහතා ලබාදුන් අවස්ථාව. අලෙවි ප්‍රධානි හෂ්රත් මුණසිංහ මහතාද මෙහි සිටී.
ඡායාරූපය : නිරංජන් කොන්තසිංහ

කොළඹ සාන්ත ජෝසප් - සාන්ත පීතර විදුහල , ඩී.එස්.සේනානායක - මහානාම , තර්ස්ටන් – ඉසිපතන, මොරටුව සාන්ත සෙබස්තියන් -වේල්ස් කුමර, ගාල්ල රිච්මන්ඩ් - මහින්ද, මහනුවර ත්‍රිත්ව, සාන්ත අන්තෝනි (එක්දින) කිංග්ස්වුඩ් - ධර්මරාජ, යපනය විදුහල - සාන්ත පැට්‍රික්, යාපනය මධ්‍ය මහා විද්‍යාලය - සාන්ත ජෝන්, මාතර රාහුල - සාන්ත ඇලෝසියස්, අම්බන්ගොඩ ධර්මාශෝක - දේවානන්ද, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය - සාන්ත ජෝසප්, හම්බන්තොට රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය - දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් - සාන්ත සර්වේසස්, හම්බන්තොට සාන්ත මේරි - සහිරා, කළුතර විද්‍යාලය - තිස්ස විද්‍යාලය, අම්බලන්තොට ථේරපුත්ත - විජය බා, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය - සරස්වතී, බදුල්ල ධර්මදූත - ඌව විදුහල, බණ්ඩාරනායක ගම්පහ - බණ්ඩාරනායක වේයන්ගොඩ, ගාල්ල විද්‍යාලෝක - මීපාවල අමරසූරිය, ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලය - විශ්වානන්ද විද්‍යාලය, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය - ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය, කෑගල්ල සාන්ත මේරි - කෑගලු විද්‍යාලය, කුරුණෑගල රාජකීය - සාන්ත ජෝන්, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, මතුගම ආනන්ද - සාන්ත මේරි විද්‍යාල මෙවර අනුග්‍රාහකත්වය ලබන තරග වේ.

මේ අනුග්‍රාහකත්වය පිරිනැමීම පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ඩයලොග් ෆියුචර් වර්ල්ඩ් හී පැවැත්විණි.  එහිදී අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරි හාන්ස් විජේසූරිය මහතා පාසල් ක්‍රීඩාවල කූටප්‍රාප්තිය මෙම අන්තර් පාසල් ක්‍රිකට් තරග වාරයයි. (ඕඪඨ ර්චබජඩ) ඒ තුළ ඇති තරගකාරීත්වය හා ක්‍රීඩාලෝලීත්වය යන සාධක සැලකිල්ලට ගෙන තමයි මේ පාසල් ක්‍රිකට් තරගවලට අනුග්‍රාහකත්වය ලබාදීමට මුල් වුණේ. මම විශ්වාස කරනවා ලංකාවේ ක්‍රිකට්වලට රුකුලක් වීම බිම්මට්ටමේ සිට ඉහළට ගැනීමට සහ ස්ථාවර කිරීමට එය අනාගතයේදී ලොකු ආයෝජනයක් වෙනවා. ඒක ප්‍රයෝජනවත් වෙනවා” යැයි පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා