අයි. විජේසිංහ අනුස්මරණ වොලිබෝල් කොළොන්නාවේදී

අයි. විජේසිංහ අනුස්මරණ වොලිබෝල් කොළොන්නාවේදී

වොලිබෝල් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් ඉටු කළ ජාතික සංගමයේ හිටපු උප සභාපති, ලේකම්, විනිසුරු මෙන්ම හිටපු ජාතික පුහුණුකරු අයි. විජේසිංහ අනුස්මරණ කුසලාන ආරාධිත වොලිබෝල් තරගාවලිය අප්‍රේල් මස 2 හා 3 දෙදින තුළ කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළොන්නාවට කාන්තා වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දුන් නැසී ගිය විජේසිංහ මහතා සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘවරයා ද වේ. තරගාවලියට ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, තරුණ සේවා, වරාය අධිකාරිය, කොස්වාඩිය විජය, මාදම්පේ සේනානායක, දුම්රිය දෙපාර්තමේන්තුව හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කණ්ඩායම් සහභාගි වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන තරගාවලියට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂ්මන්, කොළොන්නාව නගරාධිපති චිත්‍රා ඩයස් යන මහත්වරු සහභාගි වෙති. ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් 25000 ක් හා අනුසූරයන්ට රුපියල් 15000 ක් සමඟ කුසලාන පිරිනැමේ. දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද තෑගි හා කුසලාන හිමිවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා