සා. සෙබස්තියන් වසර 44කට පසු ජය ලබයි

සා. සෙබස්තියන් වසර 44කට පසු ජය ලබයි

මොරටුව වේල්ස් කුමර විදුහලත් සාන්ත සෙබැස්තියන් විදුහලත් අතර පැවති 61 වෙනි මහා රන් සටන වසර 44 කට පසු ජය ගැනීමට සාන්ත සෙබැස්තියන් විදුහල සමත් විය. ඔවුන් 1966 දී සරත් පෙරේරාගේ නායකත්වයෙන් අවසාන වරට ජය වාර්තා කර තිබුණි. මොරුටව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් සාන්ත සෙබැස්තියන් විදුහල කඩුළු 10 ක පහසු ජයක් වාර්තා කළහ.

වේල්ස් කුමාර – 201 ෂිහාන් ජයසුරිය 82, තරිදු ඩිල්ෂාන් 27, කුසල් මෙන්ඩිස් 41, (සහිත ද මෙල් 5 / 55, අමිල අපෝන්සු 3 / 18) සහ 176 - ෂිහාන් ජයසුරිය 79, අශෙන් මෙන්ඩිස් 34, (අමිල අපෝන්සු 4 / 44, අනුත් ද අල්විස් 4 / 32)

සාන්ත සෙබැස්තියන් – 363 / 5  ඩෂද ප්‍රනාන්දු නොදැවී 129, සන්ත ද මෙල් 43, චරිත් ප්‍රනාන්දු 26, අනුක් ද අල්විස් නොදැවී 27, ලුක් ජයදේව 50

එක්දින තරග ජයත් සෙබස්තියන්ට

දෙවිදුහල් අතර එක් දින තරගයෙන්ද කඩුළු හයක ජයක් සාන්ත සෙබැස්තියන් විදුහල සමත් විය.

වේල්ස් කුමාර – 287 / 9 (50) ෂෙහාන් ජයසුරිය 143, කුසල් මෙන්ඩිස් 82 (විශ්ව ප්‍රනාන්දු 4 / 54) සාන්ත සෙබැස්තියන් – 288 / 4 (47)

සහිත ද මෙල් නොදැවී 107 ඔෂද ප්‍රනාන්දු නොදැවී 72, දේශාන් ඩයස් 24, මාර්ලන් ප්‍රනාන්දු 48 (සහාන් අඩීෂ 2 / 43)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා